යුද්ධයෙන් මියගිය මාතලේ රණවිරු මවුපිය යුවලකට විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතියෙන් නව නිවසක් හිමිගැන්වේ...
මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල රණවිරු සංසදය නියෝජනය කරන ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කරමින් වවුනියාවේදී ක්‍රියාන්විතයේදී දිවිපිදු H.G.N නිශාන්ත කුමාර අත්තනායක රණවිරුවාගේ දෙමව්පියන් වෙත විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතියෙන් නව නිවසක් පරිත්‍යාග කිරීම 2022 ජනවාරි මස 6 වැනි දින දී සිදු කරන ලදී.
විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ පූර්ණ නිවාස ආධාර යටතේ තෝරා ගත් ක්‍රියාන්විත හේතුන් මත දිවිපිදූ මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලේපොල සංසදයයේ සාමාජික රණවිරු මවුපියන් යුවලක් වන ඒ.එම්.කේ.ජී සෝමලතා මව් පියන් වෙත නව නිවාසය පරිත්‍යාග කිරීම ගෙට ගෙවිදීමේ චාරිත්‍ර යන්ට මුල්තැන දෙමින් සරල සහ චාම් උත්සවයක් වශයෙන් පසුගිය දා පවත්වන ලදී.
මාතලේ දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරිනී තනුජා දර්ශනි සහ පල්ලේපොල රණවිරු සංසදයයේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම නව නිවාසය වෙත ප්‍රවිෂ්ඨ වීම සිදු විය .