"රණවිරු උයන" රණවිරු ගම්මානයට ක්‍රීඩා උපකරණ බෙදාදෙයි...

මහනුවර දිස්ත්‍රික්කයේ "රණවිරු උයන" රණවිරු ගම්මානයේ ජීවත් වන ප්‍රතිලාභී පවුල් වල සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සිදු කරනු ලබන දීපව්‍යාප්ත ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් 2022 ජනවාරි මස 12 වන බදාදා දින මහනුවරදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී අජන්තා හේරත් මහත්මියගේ සංවිධානයෙන් සිදු කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් නියෝජනය කරමින් මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක, හේමචන්ද්‍ර ගුණදාස සහභාගී වන ලදී.