මහනුවර "විරු සහන" රණවිරු ගම්මානයට සංගීත භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ ලබා දෙයි...

මහනුවර දිස්ත්‍රික්කයේ "විරු සහන" රණවිරු ගම්මානයේ ජීවත් වන ප්‍රතිලාභී පවුල් වල සාමාජිකයන්ගේ සංගීත කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සහ ක්‍රීඩා කුසලතා සංවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගිය දා මහනුවර " විරු සහන" රණවිරු ගම්මානයේදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී අජන්තා හේරත් මහත්මියගේ සංවිධානයෙන් සිදු කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් නියෝජනය කරමින් මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක, හේමචන්දා ගුණදාස සහභාගී වන ලදී.