රණවිරු ජංගම සේවය ගම්පහට

රණවිරු සේවා අධිකාරිය මගින් 2020 වසරේ වැඩසටහන් සැලසුම අරමුණු කර ගනිමින්, ලංකාව පුරා පිහිටුවා ඇති රණවිරු සංසදයන්වල ගැටලු සොයා බලා ඊට කඩිනම් පිළියම් යෙදීම පිණිස සංවිධානය කරන්නා වූ රණවිරු ජංගම සේවා වැඩසටහන් මාලාවේ 05 වන වැඩසටහන පෙබරවාරි මස 11 වන දින ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. රණවිරු සංසද නිලධාරින් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල ළඟම ඥාතීන්ගේ තත්කාලීන ගැටලු සම්බන්ධයෙන් කෙටි කාලීන හා දිර්ඝ කාලීන විසඳුම් ලබා දීම පිණිස පවත්වන ලද මෙම ජංගම සේවයට රණවිරුවන් හා රණවිරු පවුල්වල ළඟම ඥාතීන් 150 ක් පමණ සහභාගී විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රා) නන්දන සේනාධීර මහතා, අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් (විශ්‍රා) විජිත් සුබසිංහ මහතා ඇතුලු කාර්යය මණ්ඩලය මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරින් රණවිරු ප්‍රජාවගේ ගැටලු විසදීමට සක්‍රීයව මැදිහත්ව කටයුතු කරන ලදී.