ගාල්ල දිස්ත්‍රික් විශේෂ රණවිරු හමුවක්...
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ පෝද්දල රණවිරු සංසදයේ ආබාධිත විශ්‍රාමික රණවිරු සුනිල් පලිහවඩන මහතාගේ පූර්ණ දායකත්වයෙන් හා දකුණු පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ශාන්තසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල බෝපෙ පෝද්දල කපුහෙම්පල දී ගාල්ල දිස්ත්‍රික්ක රණවිරු සංසද නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් බෝධි පූජා පින්කමක් හා වැඩසටහන් මාලාවක් 2022 ජනවාරි මස 13 දින පවත්වන්නට යෙදුනි.
මෙහිදී මූලිකව බෝධි පූජා වන්දනා වැඩසටහනක් පවත්වන ලදී. අනතුරුව, හික්කඩුව රණවිරු සංසදයේ ආබාධිත විශ්‍රාමික රණවිරු ටී.කුසුම් මහතා විසින් නිර්මාණය කරන ලද පොල්කටු අගුරු දර ලිප සහ එහි භාවිතාව පිළිබඳ සහභාගි වූ රණවිරුවන් දැනුවත් කරන ලදී. ඉමදූව රණවිරු සංසදයේ රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කරන ලද ජීව වායු උදුන නිර්මාණය ඉදිරිපත් කිරීම ඉන් අනතුරුව සිදු කරන ලදී. මෙහිදී දන්ත ආරක්ෂාව පිලිබද විශේෂ දේශනයක් ඉමදූව රණවිරු සංසදයේ රුද්‍රිගු මහතා විසින් සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ
කෝප්රල් සුමිත් එච්.කේ විසින් කාබනික පොහොර භාවිතය හා බෝග වගාව පිලිබදව විශේෂ දේශනයක් සිදු කරන ලදී. මෙම සංසද රැස්වීම අවසානයේ සුනිල් පලිහවඩන මහතා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ ගීත රසවින්දන වැඩසටහනකට සියලුම සාමාජිකයන් සහභාගි විය.
මෙම වැඩසටහන සදහා රණව්රු සංසද සාමාජිකයින් 65 කට ආසන්න පිරිසක් සම්බන්ධ වූ අතර සුනිල් පලිහවඩන මහතාගේ ප්‍රධානත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන්නට යෙදුණි.