ආබාධිත සහයක උපකරණ නැවතත් උතුරු මැදට...
රණවිරු සේවා අධිකාරිය මගින් ලබා දුන් ආබාධිත සහයක උපකරණ බෙදා දීම සඳහා උතුරු මැද පළාත් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සංකේතාත්මකව එම උපකරණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 19 දින උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පලාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සදහා රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතා, දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන, දිස්ත්‍රික් නිලධාරී ෂොනාලි නානායක්කාර හා දිස්ත්‍රික් නිලධාරී කසුන් චතුරංග යන නිලධාරීන් විසින් මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.
මෙහිදී උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ප්‍රධාන අමාත්‍යාංශ්‍ය ලේකම් A.K.N. වික්‍රමසිංහ, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක ඇතුළු ආරාධිත අමුත්තන් විසින් රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා රෝද පුටු, අත් වාරු, කිහිලි කරු, සායනික ඇඳන්, බස්තම් යානා දි ආබාධිත සහයක උපකරණ රණවිරුවන් වෙත ප්‍රධානය කෙරිනි.