හම්බන්තොට රණවිරු ගම්මාන වෙත ක්‍රීඩා උපකරණ ලබා දෙයි...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රණවිරු ගම්මාන සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සංවිධානයෙන් පසු ගියදා හම්බන්තොට දී පැවැත්වීය.
හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එච්.එස් ජයමහ, සහකාර දිස්ත්‍රික් ලේකම් කේ චන්දිමා නිරෝෂනීගේ සහ රණවිරු සංසදවල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රීඩා උපකරණ බෙදා දීම සිදු කෙරිණි.
රණවිරු සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී, චාලක නුවන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.