රණවිරු සේවා මළල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩකයින් ආසියානු පැරා දෙවන තේරීම් තරඟ වලදී සුදුසුකම් ලබයි...

රණවිරු සේවා අධිකාරියේ මලළ ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩකයින් පැරා (para) ආසියානු දෙවන තේරීම් තරඟාවලිය සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද දිනයේ දී සහභාගී විය.
පැරා (para) ආසියානු දෙවන වටයේ තේරීම් තරග සඳහා ඉදිරිපත් වූ රණවිරු සේවා අධිකාරියේ මලල ක්‍රීඩා සංචිතය නියෝජනය කරන වයි.පී.ඒ.පී ජයලත් සහ ඒ.එම්.ඒ අත්තනායක මීටර් 100 සහ 200 තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
මෙහිදී T 42 කාණ්ඩයෙන් තරග වැදුණු වයි.පී.ඒ.පී ජයලත් මීටර් 100 සහ 200 තරග වලින් සුදුසුකම් ලැබූ අතර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දෙවන තේරීම් තරග වටයේදී සුදුසුකම් ලැබීය.
T46/T47 කාණ්ඩයෙන් තරග වැදුණු ඒ.එම්.ඒ අත්තනායක මීටර් 200 තරගය සඳහා සහභාගි වී ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන වටයේ තේරීම් තරග වලින් සුදුසුකම් ලබා ගන්නා ලදී.
රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා අංශය භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන සමගින් රණව්රු සේවා මලළ ක්‍රීඩා සංචිතයේ කණ්ඩායම් පුහුණුකරු රෝහිත මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය .