යුද්ධයෙන් මියගිය අම්පාරේ රණවිරු පවුල් දෙකකට විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතියෙන් නව නිවාස දෙකක්...
අම්පාර දිස්ත්‍රික්කයෙහි පදියතලාව රණවිරු සංසදයෙහි සාමාජික දිවිපිදූ බී.එම්.සුමනරත්න රණවිරුවාගේ බිරිඳ වන ටී.බී.මානෙල් අයිරාංගනී සහ දරුවන් සහ මහඔය රණවිරු සංසදයෙහි දිවිපිදූ රණවිරු ඩබ්.සෙනෙවිරත්න රණවිරුවාගේ බිරිඳ වන බී.එස් ගීතා සමන්මලී හා දරුවන් ද පූර්ණ නිවාසයන් වෙත ප්‍රවිෂ්ට වීම සංසද සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු විය.
විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතියේ පූර්ණ නිවාස ආධාර යටතේ තෝරාගත් ක්‍රියාන්විත හේතූන් මත දිවි පිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකුට මෙම නව නිවාස ලබාදීම සිදුකරන ලදී.
අම්පාර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරිනී තරණි නිවර්තිකා සහ සංසද සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම නව නිවාසයන් වෙත ප්‍රවිෂ්ඨ වීම සිදුවිය.