රණක්ෂිතයට පත් අනුරාධපුර රණවිරුවෙකුගේ නිවසටම සායනික ඇදක් පරිත්‍යාග කෙරේ...
අනුරාධපුර ම.නු.ප රණවිරු සංසදයේ ඒ.ජී. උපාලි කරුණාරත්න මහතා 1986.05.30 දින බෝමබ ප්‍රහාරයකට ලක්ව එදා සිට මේ දක්වා 100% ආබාධිත තත්ත්වයට පත්ව වසර 35 ක පමණ සිට ඇදට සිමා වී සිටි. එතුමාගේ පහසුව සඳහා රණවිරු සේවා අධිකාරිය මගින් සායනික වෛද්‍ය ඇඳක් ප්‍රධානය කෙරේ.
මේ සදහා රණව්රු සේවා අධිකාරිය නියෝජනය කරමින් පලාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතා හා දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන යන නිලධාරීන් සහභාගි වූහ.
මෙම වෛද්‍ය සහයක උපකරණ සහ ආබාධිත සහායක උපකරණ දිවයින පුරා විසිරී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ නිවෙස් වෙතට ප්‍රවාහනය කිරීම සඳහා දිවා රෑ නොබලා ඇප කැපවී කටයුතු කරන රණවිරු සේවා අධිකාරියට අනුයුක්තව සේවය කරනු ලබන ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩලයට සභාපතිතුමන්ගේ විශේෂ කෘතඥතාවය ද පිරිනමන ලදී.