හදිසි ආපදාවකට පත් රත්නපුර රණවිරුවෙකුට සහන සැලසේ...
5 වන ගැමුණු හේවා බලඇණියට අයත් වර්ෂ 1996 මැයි මස 18 වන දින අලවෙඩ්ඩි ප්රදේශයේ ක්රියාන්විතයේ නිරතව සිටියදී ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද ක්ලේමෝ බෝම්බ ප්රහාරයකට ගොදුරු වීමෙන් තුවාල ලබා රණක්ෂිතයට පත්ව විශ්රාම සුවයෙන් සිටින පැල්මඩුල්ල සංසදයේ කෝප්රල් පද්මසිරි හට ශ්රී ලංකා යුද හමුදාවේ ශ්රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් පසුගියදා පැවැත්විය.
මීට මාස 3 කට පමණ පෙර රත්නපුර ප්රදේශයට ඇද හැලුණ දැඩි වර්ෂාපතනය හේතුවෙන් විනාශ වී ගිය පැරණි නිවාසය පිළිසකර කර ගැනීම වෙනුවෙන් හදිසි අපදා ආධාර ලෙස රු 100,000/= ක මුදලක් රණවිරු සේවා අධිකාරියෙන් මෙම රණවිරුවා වෙත ලබාදෙන ලදී.
රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් පළාත් නිලධාරී රෝහණ විජයරත්න, රත්නපුර දිස්ත්රික් නිලධාරී ගයාන් විජේවික්රම මේ සඳහා සහභාගි විය.