ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් රණවිරුවන් හට කෘතිම අත් පා ලබාදීමේ ජංගම වැඩසටහනක්...
රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් වෙනුවෙන් ඉන්දියානූ රජයේ අනුග්‍රාහකත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් ජායීපූරිහි භගවන් මහාවීර් සහායත සමිති විසින් ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනයට සමගාමීව පුරා දින 35 ක් පුරා පවත්වනු ලබන කෘත්‍රීම අත් සහ පාද සැකසීමේ කේෂත්ර වැඩපළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන් සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි මස 02 වන දින රාගම රණවිරු සෙවණේ දී පවත්වන ලදී.
පුරා දින තිස් පහක් පුරාවට රණක්ෂිතයට පත් රණවිරුවන් 600 කට ආසන්න ප්රමාණයකගේ සුබසාධනය උදෙසා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මගපෙන්වීම මත රණවිරු සේවා අධිකාරියේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් යුධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථාන රණවිරු සෙවනෙ රාගම හිදී මෙම වැඩසටහන පවත්වනු ලබයි.
පසුගියදා පැවැත්වූ සමාරම්භක උත්සවය අමතමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර සමස්ථ රණවිරු ප්‍රජාව වෙනුවෙන් ඉන්දියානු රජයට සිය හෘදයාංගම කෘතඥතාවය පළ කරන ලදී.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් ඇතුළු විශේෂ ආරාධිතයන් මේ සඳහා සහභාගි විය.