රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රධානය රත්නපුරයේදී...
සබරගමුව සහ ඌව පළාත් වල රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ප්රදානය කිරීමේ වැඩසටහනක් රණව්රු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින රත්නපුර කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු කදවුරු මූලස්ථානයේ දී පවත්වන ලදී.
රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සාම්ප්‍රදායික සුබසාධන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 9 ක් සහ සහයක උපකරණ කට්ටල ප්රදානය මෙම අවස්ථාවේදී සිදුවිය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාරව ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමාගේ මගපෙන්වීම යටතේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ශ්‍රී ලංකා රජයේ රණවිරු සත්කාරක මෙහෙවරක් ලෙස රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මැතිතුමාගේ සංවිධානයෙන් රත්නපුර දිස්ත්‍රික් රණවිරුවන් සදහා රජයෙන් සිදුකරන ලද පරිත්‍යාගයකි.
රණව්රු සේවා අධිකාරියේ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, පළාත් නිලධාරීන් ඇතුළු රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් මේ සඳහා සහභාගි වන ලදී.