රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රධානයේ තවත් අදියරක් සෙන්කඩගල දී

මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ප්‍රදානය කිරීමේ තවත් වැඩසටහනක් රණව්රු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි මස 9 වැනි බදාදා දින මහනුවර දෙවන සිංහ රෙජිමේන්තු කදවුරු මූලස්ථානයේ දී පැවැත්වීය.
රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සාම්ප්‍රදායික සුබසාධන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 9 ක්, කෘතිම පාද, ඇස් කණ්නාඩි යූවල් සහ ආබාධිත සහයක උපකරණ කට්ටල ප්‍රදානය මෙම අවස්ථාවේදී සිදුවිය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාරව ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමාගේ මගපෙන්වීම යටතේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ශ්‍රී ලංකා රජයේ රණවිරු සත්කාරක මෙහෙවරක් ලෙස රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මැතිතුමාගේ සංවිධානයෙන් මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික් රණවිරුවන් සදහා රජයෙන් සිදුකරන ලද පරිත්‍යාගයකි.
රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක, සභාපති තුමන්ගේ ජ්‍යෙෂ්ඨ පුද්ගලික සහකාර නිලධාරී, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, දිස්ත්‍රික්ක නිලධාරීන් ඇතුළු රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.