කටුවන සංසදයෙන් ලේ දන් දීමේ කඳවුරක් සංවිධානය කරයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන රණවිරු සංසදය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් කටුවන ශ්‍රී විහාරස්ථානයේ දී පසුගියදා හම්බන්තොට රෝහලේ කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විය.
ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නිලධාරීන් හා අවට ගම්වාසීන් විසින් රුධිර පරිත්‍යාගය සිදු කළහ.තවද පරිත්‍යාගශීලින් වෙත ආහාරපාන,පලතුරු පැලයක් හා සහතිකපත් ලබාදීමට කටයුතු යොදා තිබුණි.
මෙම වැඩසටහන සංවිධානය කටුවන රණවිරු සංසදය සිදුකළ අතර රණව්රු සේවා අධිකාරිය නියෝජනය කරමින් වැඩසටහනේ අධීක්ෂණ කටයුතු දකුණු පළාත්භාර නිලධාරී ආර්.කේ ශාන්තසිරි මහතා විසින් සිදුකළේය.