රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා දිස්ත්‍රික්ක භාර නිලධාරින් අමතයි...

රණවිරු සේවා අධිකාරියේ දිස්ත්‍රික්ක භාර නිලධාරින්වරුන්ගේ හමුවක් සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යක්ෂතුමා සහ කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2020.02.13 වන දින පස්වරුවේ පැවැත්විණි. එහිදි සභාපතිතුමා විසින් ඔවුන් අමතා විශේෂයෙන් අවධාරණය කර පවසා සිටියේ රට දැය වෙනුවෙන් තම ශරීරාංග පුද කළ රණවිරුවන් ගැන ක්ෂේත්‍රයේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙසටය. රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා ආබාධිත රණවිරුවන්ගේ ශාරීරික හා මානසික දු ර්වලතාවයන් පිළිබඳ විධිමත් දැනුම්වත් කිරීමක් එහිදී සිදු කළ අතර, ඒ අනුව ඔවුන්ගේ ගැටලු දෙස ඉතා සංවේදීවන ලෙස දිස්ත්‍රික්ක භාර නිලධාරිවරුන් දැනුම්වත් කෙරිණි. තවද ගම්මානවල ඇති යටිතල පහසුකම් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, ආබාධිත රණවිරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, සභාපතිතුමා වැඩි දුරටත් පවසන ලදී.