මාතර දිස්ත්‍රික් රණවිරු සංසද නිළධාරි හමුව පවත්වයි
2022 වර්ෂයේ මාතර දිස්ත්‍රික් රණවිරු සංසද නිළධාරි හමුව සහ සුහද හමුව රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආර්.කේ. ශාන්තසිරිගේ සහභාගිත්වයෙන් දිවැල්ල ප්‍රදේශයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී 2022 වර්ෂයේ මාතර දිස්ත්‍රික් රණවිරු සංසදවල නව නිළධාරි හදුනාගැන්ම, ආබාධිත සහය උපකරණ බෙදාදීම ,රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභ පිළිබඳ නව නිළධාරි මණ්ඩලය දැනුවත් කිරීම, 2022 වර්ෂයේ රණවිරු සංසදවල වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම, රණවිරු සංසද ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යායුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
තවද සියලුම සංසද නිලධාරින් මෙම වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම සදහා වැවුරුකන්නල රජමහා විහාරයට ගොස් ආශිර්වාද ලබාගැනීම මෙහිදී සිදුවිය.
එමෙන්ම මෙම අවස්ථාවේදී රණවිරු දූදරුවන්ගේ නර්තන හැකියාවන් ගායන හැකියාවන් මැනවින් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක , මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරි, මාතර දිස්ත්‍රික් රණවිරු සංසද නිළධාරින් සහ සාමාජික මහත්ම මහත්මීන් සහභාගි විය.