හම්බන්තොට රණවිරු දරුවෙකුට උප සභාපතිනියගේ අනුග්‍රහයෙන් සංගීත උපකරණයක් ලබා දෙයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම් වෙහෙර රණවිරු ගම්මානයේ විශ්‍රාමික ආබාධිත රණවිරු එස්.විජේමුනි මහතාගේ විශේෂ අවශ්‍යතා සහිත පුතුන් වන එස්. කාවින්ද නිස්සර විසින් රණවිරු සේවා අධිකාරිය වෙතින් ඉල්ලීම් කරන ලද සංගීත භාණ්ඩය රණවිරු සේවා අධිකාරියේ උපසභාපතිතුමියගේ අනුග්‍රහයෙන් ලබා දෙන ලදී.
ඒ අනුව පසුගිය දා එම දරුවාගේ නිවස වෙත ගොස් එම සංගීත භාණ්ඩය ලබා දීමට හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කටයුතු කලේය.
මෙම දරුවා සෞන්දර්ය කටයුතුවලට දක්ෂතා දක්වන අතර කලාවට මහත්සේ ලැදි කමක් දක්වමින් විවිධ සංගිත භාණ්ඩ වාදනය කිරිමට හැකියාවක් සහිත දරුවෙකි.
මෙම දරුවාගේ ඉල්ලීම පිළිබද කාරුණිකව සලකා කඩිනමින් එම සංගීත භාණ්ඩය ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ උපසභාපතිතුමිය විසින් කටයුතු සිදු කරන ලදී.