කුලියාපිටිය රණවිරුවෙකුට සනීපාරක්ෂක උපකරණ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර රණක්ෂිතයට පත් කුලියාලිටිය බටහිර රණවිරු සංසදයෙහි රණවිරු සැරයන් එච්.එමි.එන්. බංඩාර රණවිරුවා හට රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිතුමියගේ සම්බන්ධීකරණයෙන් සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීම සඳහා මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනිය, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ව්‍යාපාරිකයකු වන සුරත් දිසානායක මහතා විසින් රු. 78000.00ක මුදලක් එම රණවිරුවාගේ සනිපාරක්ෂක පහසුකම් සලසා ගැනීම සඳහා පරිත්‍යාග කරන ලදී.