අමරණීය සොල්දාදුවන් 32 (32 Immortal Soldiers) කෘතීයේ කතෘ ආදායමෙන් රණව්රු දියණියකට අධ්‍යාපනික අත්වැලක්
ප්‍රවීණ බැංකුකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකු වන ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත අමරණීය සොල්දාදුවන් 32 (32 Immortal Soldiers) කෘති අලෙවියෙන් ලද
කතෘ ආදායම උපයෝගී කරගනිමින් රණක්ෂිතයට පත් රණවිරු දියණියක් සඳහා අධ්‍යාපන අත්වැලක් වෙමින් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම 2022 පෙබරවාරි මස 14 වන සදුදා දින අධිකාරි පරිශ්‍රය තුල දී සිදු කරන ලදී.
පසුගියදා දොම්පේ කෑරගල රණවිරු ගම්මානයේ වැඩසටහනකට සහභාගී ව සිටියදී රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන් වෙත මෙම රණක්ෂිතයට පත් රණවිරුවා සහ දියණිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් රුපියල් එක් ලක්ෂ විසි දාහක් (රු 120,000/) වටිනා ලැප් ටොප් පරිගණකය පරිත්‍යාග කිරීම සිදුවිය.
ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත කෘතියේ රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද කතෘ ආදායම උපයෝගී කරගනිමින් මෙම ලැප්ටොප් යන්ත්‍රය මිලදී ගෙන මෙම රණවිරු දියණියගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා පහසුකමක් සැලසීමට රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන් අංශය විසින් කටයුතු කරන ලදී.
රණව්රු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර, විසින් සිදුකරන ලද ආරාධනයෙන් ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් දියණිය වෙත දෙමව්පියන් ඉදිරියේ මෙම පරිගණක යන්ත්‍රය ප්රදානය කිරීම සිදුවිය.
රණව්රු සේවා අධිකාරියේ අධ්යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), බස්නාහිර පළාත් නිළධාරිනී ධම්මිකා ෂෙල්ටන් මහත්මිය, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී, සුරේඛා ප්‍රනාන්දු මිය සහ රණවිරු පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, මින් ඉදිරියට මෙම පොත් අලෙවියෙන් ලැබෙන කතෘ ආදායමද මේ ආකාරයෙන්ම රණවිරු පවුල්වල සුබසාධනය උදෙසා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පොල්වත්ත මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
වෘත්තියෙන් ප්‍රවීණ බැංකු කරුවකු සහ වරලත් ගණකාධිකාරවරයෙකු වන ප්‍රසාද් පොල්වත්ත මහතා ලේක්හවුස් ආයතනයේ ගණකාධිකාරීවරයෙකු ලෙස රාජකාරි කරන කාලය තුළදී මාධ්‍ය කලාවට යොමු වී ඇත.
අවසන් මානුෂීය මෙහෙයුම පවතින කාලය තුළ රණවිරුවන් විසින් සිදුකරන ලද අප්‍රමාණ කැපකිරීම් නිසා ඇති වූ දැඩි උනන්දුව සහ උත්සාහයක් මත මෙම කෘතිය එළිදැක්වීම සඳහා වන මූලික සිතුවිලි පහළ වී ඇත.