රණක්ෂිතයට පත් කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි රණවිරුවන් තිදෙනකු සදහා විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදේ
බස්නාහිර පළාතේ කලුතර දිස්ත්‍රික්කයේ ඊ.එස්.ආර්. සාගර සිල්වා රණවිරුවා සහ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ එච්.ඒ.ඩබ්ලිව් ද සිල්වා රණවිරුවා සහ ජී.ඩී. පුෂ්පකුමාර රණවිරුවා හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම අද දින ගරු සභාපතිතුමාගේ සහභාගීත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.
රණක්ෂිතයට පත් මෙම රණවිරුවන්ගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට මෙම විද්‍යුත් ආරෝපිත යතුරු පැදිය භාවිතා කරමින් වඩාත් උසස් මානසික වශයෙන් සතුටු දායක ජීවිතයක් ගත කරනු දැකීම තමාගේ සතුටට කරුණක් බව ද සභාපතිතුමා මෙම රණවිරුවන් වෙත අදහස් දක්වමින් සදහන් කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපතිතුමන්ගේ පෞද්ගලික සහකාර, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, ධම්මිකා ෂෙල්ටන් මහත්මිය, පුනරුත්ථාපන සහ පසු උවැටන් අංශයේ වැඩසටහන් නිළධාරිනි, නෙත්මි ගයශ්‍රී මිය සහ රණවිරු පවුල් වල සාමාජිකයින් මේ සඳහා සහභාගි විය.