ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයෙන් රණවිරුවන් හට දින 15 කදී කෘතිම පාද දෙසීයක් (200) නොමිලේ ලබාදෙයි

රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් වෙනුවෙන් ඉන්දියානූ රජයේ අනුග්‍රාහකත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් ජායීපූරිහි භගවන් මහාවීර් සහායත සමිතිය විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන් උදෙසා රාගම රණවිරු සෙවණේදී පවත්වන පවත්වනු ලබන කෘත්‍රීම අත් සහ පාද සැකසීමේ කේෂත්‍ර වැඩපළ තුලින් රණවිරුවන් දෙසීයක් (200) සදහා කෘතීම අත් පා පසුගිය දින පහළොවක (15) කාලය තුළ නිර්මාණය කිරීමට හැකි වී තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන් සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි මස 02 වන දින රාගම රණවිරු සෙවණේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන පුරා දින තිස් පහක් පුරාවට රණක්ෂිතයට පත් රණවිරුවන් 600 කට ආසන්න ප්‍රමාණයකගේ සුබසාධනය උදෙසා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මගපෙන්වීම මත රණවිරු සේවා අධිකාරියේ පූර්ණ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබයි. විශේෂඥයන් හත් දෙනෙකුගෙන් (7) සමන්විත තාක්ෂණික කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන මෙම ක්ෂේත්‍ර වැඩපොළේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත උපරිම සේවාවක් සැලසීමට බලාපොරොත්තු වන බව ඉන්දියානු නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළේය.
රණක්ෂිතයට පත් රණවිරුවන්ට සෙත සලසමින් මෙම ක්ෂේත්‍ර කදවුර ලබන මාර්තු මස 10 වැනි දා දක්වා රාගම රණවිරු සෙවණේ දී පැවැත්වීමට නියමිතයි.