රණවිරුවන් හට නොමිලේ පොල් පැළ ලබාදීමේ වැඩ සටහනේ තවත් අදියරක් අම්පාරේදී
"විරු දෑතට කප්රුකක්", රණවිරු ප්‍රජාව සදහා නොමිලේ පොල් පැල ලබාදීමේ වැඩසටහනෙහි තවත් අදියරක් අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේ දී පසුගියදා පවත්වන ලදී.
අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයෙහි, විහාරාධිපති, සුහදගම සීලරතන ස්වාමීන් වහන්සේ විසින් අම්පාර සංසදයෙහි දිවිපිදූ රණවිරුවන් සිහිකොට පින් අනුමෝදනා කොට ධර්මදේශනාවකින් අනතුරුව පොල්පැල පුහුණු වැඩසටහන ආරම්භ විය.
ඒ සදහා රණව්රු සංසද සාමාජිකයන් 60කු සම්බන්ධ විය. ප්‍රායෝගික පුහුණු වැඩසටහනකින් පසු පොල් පැල බෙදා දීම සිදු කෙරුණු අතර පොල් වගා කිරීමේ මණ්ඩලයේ අම්පාර පොල් සංවර්ධන නිලධාරී මහතා විසින් පුහුණු වැඩසටහන පවත්වන ලදී.
මෙහිදී පොල් වගාව සදහා අවශ්‍ය වන මූලික දැනුමද රණවිරු ප්‍රජාවට ලබාදෙමින් ප්‍රායෝගිකව පොල්පැල සිටුවන ආකාරය පෙන්වා දෙන ලදී. ඒ සදහා අම්පාර කොට්ටාශයෙහි පොල් සංවර්ධන නිලධාරී, රණවිරු දිස්ත්‍රික් නිලධාරීනී හා අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරු සංසදවල සාමාජික සාමාජිකයන් සම්බන්ධ විය.