මී මැසි පාලනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතලේදී

රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ සංවිධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රගත කරමින් සංවිධානය කරන ලද මී මැසි පාලනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි මස 17 වන දින මාතලේ නාලන්දා ගොවිපළේ දී පවත්වන ලදී. මී මැසි පාලනය සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මෙම විශේෂ වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රණවිරු සංසදවල සාමාජිකයන් 30ක් පමණ සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය දේශණ සහාය ලබා දීම බිගු සම්පත් සුරකීමේ ආයතනය විසින් සිදු කරන ලදී. ප්‍රායෝගික පුහුණුවකින් අනතුරුව මී මැසි පාලනය සඳහා අවශ්‍ය උපකරණ රණවිරුවන් අතර බෙදා දෙනු ලැබීය. එම අවස්ථාව සදහා රණව්රු සේවා අධිකාරිය නියෝජනය කරමින් ව්‍යවසාය සංවර්ධන අංශයෙහි ව්‍යාපෘති භාර නිලධාරී, ස්කොඩ්‍රන් ලීඩර් පියුමාල් රණසිංහ සහභාගී විය.