"ස්පර්" සංවිධානයෙන් ඇහැලියගොඩ රණවිරු කෘෂි ව්‍යාපාරයකට රැ 100,000/ ක මුල්‍යමය ආධාර පිරිනැමේ
ඇහැලියගොඩ රණවිරු සංසදයේ උපාලි වීරසිංහ රණවිරුවාගේ කෘෂි ව්‍යාපෘතිය නිරික්ෂණය සදහා පැමිණි "ස්පර්" සංවිධානයේ සභාපති, ආචාර්ය ජයසූරිය මහතා විසින් උක්ත වගා ව්‍යාපෘතිය නිරික්ෂණයෙන් අනතුරුව ඔහුගේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සදහා රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් සිදු කරනු ලබයි.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන මෙම රණවිරුවාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහාද ඉදිරියේදි මූල්‍ය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමෙහිලා කටයුතු කරන බවත් "ස්පර්" සංවිධානයේ සභාපති, ආචාර්ය ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
ව්‍යාපෘතියේ අධීක්ෂණය හා මාර්ගෝප දේශණය රණවිරු සේවා අධිකාරියේ, සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක රෝහණ විජේරත්න යටතේ සිදුකිරිමට සැලසුම් කර ඇත.