"ජයපූර් පුට්ස්" ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී සතීෂ් මෙහෙතා සභාපතිතුමන් හමුවෙයි

රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් වෙනුවෙන් ඉන්දියානූ රජයේ අනුග්‍රාහකත්වයෙන් ජායීපූරිහි භගවන් මහාවීර් සහායත සමිතිය (ජයපූර් පූට්ස්) විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන් උදෙසා රාගම රණවිරු සෙවණේදී ක්‍රියාත්මක වන කෘත්‍රීම අත් සහ පාද සැකසීමේ කේෂත්‍ර වැඩපළ නිරීක්ෂණය සඳහා දිවයිනට පැමිණ සිටින "ජයපූර් පුට්ස්" ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී, සතීෂ් මෙහෙතා සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර අතර විශේෂ හමුවක් අද දින රණව්රු සේවා අධිකාරියේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන පුරා දින තිස් පහක් පුරාවට රණක්ෂිතයට පත් රණවිරුවන් 600 කට ආසන්න ප්‍රමාණයකගේ සුබසාධනය උදෙසා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මගපෙන්වීම මත රණවිරු සේවා අධිකාරියේ පූර්ණ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබයි.
විශේෂඥයන් හත් දෙනෙකුගෙන් (7) සමන්විත තාක්ෂණික කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන මෙම ක්ෂේත්‍ර වැඩපොළේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත උපරිම සේවාවක් සැලසීමට බලාපොරොත්තු වන බව ඉන්දියානු නියෝජිත කණ්ඩායමේ, ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී, සතීශ් මෙහෙතා මහතා සභාපතිතුමන් හමුවේ ප්‍රකාශ කළේය.
රණක්ෂිතයට පත් රණවිරුවන්ට සෙත සලසමින් මෙම ක්ෂේත්‍ර කදවුර ලබන මාර්තු මස 10 වැනි දා දක්වා රාගම රණවිරු සෙවණේ දී පැවැත්වීමට නියමිතයි.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් විකාශ් සූඩ් මේ සාකච්ඡාව සඳහා සහභාගී විය.