රණක්ෂිතයට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවෙක් සදහා විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් ලබා දෙයි
බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි එස්.එම්.කේ . නිලන්ත රණවිරුවා හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් ලබාදීම සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.
ඌව පළාතේ භූගෝලීය පිහිටීම අනුව මෙම යතුරු පැදිය භාවිතයේ දී මනා අවධානයෙන් යුතුව, ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වෙමින්, අසල්වැසියන් සමග සම්බන්දතා වැඩි කර ගැනීම සදහා භාවිතා කරන ලෙස සභාපතිතුමා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ ය.
රණව්රු සේවා අධිකාරියේ අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක, සභාපති තුමන්ගේ ජ්‍යෙෂ්ඨ පුද්ගලික සහකාර නිලධාරී, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, හමුදා සම්බන්ධතා නිලධාරී, ලුතිනන් කර්නල් නෙවිල් පෙරේරා,නියෝජ්‍ය අධ්‍යක්ෂක, තුෂාර ජයසිංහ,
වැඩසටහන් නිලධාරීනී, නෙත්මි ගයශ්‍රී ඇතුළු රණවිරු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.