"අමරණීය සොල්දාදුවන් 32" කෘතිය තවත් රණවිරු දරුවන් තිදෙනෙකුට අධ්‍යාපනික අත්වැලක් වෙයි
යුද්ධයෙන් මියගිය හා රණක්ෂිතයට පත් යුධ හමුදා සහ පොලිසියේ රණවිරු දූ දරුවන් තිදෙනකුට උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ දී පවත්වනු ලැබීය.
ප්‍රවීණ බැංකුකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකු වන ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත අමරණීය සොල්දාදුවන් 32 (32 Immortal Soldiers) කෘති අලෙවියෙන් ලද
කතෘ ආදායම උපයෝගී කරගනිමින් රණක්ෂිතයට පත් රණවිරු දරුවන් තිදෙනෙකු සඳහා අධ්‍යාපන අත්වැලක් වෙමින් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 3ක් පරිත්‍යාග කිරීම එම රණවිරු දරුවන් සහ ඥාතීන් ඉදිරියේදී සිදු කරනු ලැබීය.
ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත "අමරණීය සොල්දාදුවන් 32 (32 Immortal Soldiers)" කෘති අලෙවියෙන් ලද රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද කතෘ ආදායම උපයෝගී කරගනිමින් මෙම ලැප්ටොප් යන්ත්‍රය මිලදී ගෙන මෙම රණවිරු දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා පහසුකමක් සැලසීමට රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන් අංශය විසින් කටයුතු කරන ලදී.
රණව්රු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර, විසින් සිදුකරන ලද ආරාධනයෙන් ප්‍රසාද් පොල්වත්ත මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳ හර්ෂි පොල්වත්ත මහත්මිය විසින් මෙම රණවිරු දරුවන් වෙත පරිගණක යන්ත්‍ර ප්රදානය කිරීම සිදුවිය.
රණව්රු සේවා අධිකාරියේ අධ්යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී, සුරේඛා ප්‍රනාන්දු මිය සහ රණවිරු පවුල් වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.