මූලටියන රණවිරු සංසදයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන රණවිරු සංසදය විසින් දෙවන වරට සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ මහා පිංකම පසුගිය දා රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ආර් කේ ශාන්තසිරි මහතාගේ සහභාගිත්වයෙන් දෙයියන්දර ශ්‍රී සුභද්‍රාරාම විහරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් නිළධාරි එච් එල් සී ශිරාන්, මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින්, දෙයියන්දර පොලීසියේ නිළධාරින් සහ සියලුම රණවිරු සංසද නිළධාරි මණ්ඩලය ඇතුළු සාමාජික මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ විය.