රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා විද්‍යුත් ක්‍රියාකාරි කෘත්‍රිම අත් සහ සාමාන්‍ය අත් රණවිරු සේවා අධිකාරියෙන්

රණවිරු සේවා අධිකාරිය වෙතින් කෘත්‍රිම අත් ඉල්ලීම් කරන ලද රණවිරුවන් 72කු අතරින් වැලමිටට පහළ විද්‍යුත් ක්‍රියාකාරි කෘත්‍රිම අත් 20ක් සහ සාමාන්‍ය කෘත්‍රිම අත් 15ක් ( වැළමිටට ඉහළ 8,වැළමිටට පහළ 7) ලබාදීම සදහා සුදුසුකම්ලාභීන් තෝරාගැනීම සදහා අතෙහි ස්නායු තත්ත්වය පරීක්ෂා කිරීමේ කටයුතු 2022 පෙබරවාරී මස 28 සහ මාර්තු මස 03 වන දිනයන්හි දී රණවිරු සේවා අධිකාරියේ දී පවත් වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) විසින් මෙම වැඩ කටයුතු නිරීක්ෂණය කරන ලදී. මේ සදහා කෘත්‍රිම අත් සකසනු ලබන ආයතනයේ නිලධාරීන් , පුනුරුත්ථාපනය සහ පසු උවටැන අංශයේ නිලධාරීන් සහ අදාළ කමිටු නිලධාරීන් ද සහභාගී වූ අතර එහි දිගුවක් වශයෙන් වැලමිටට පහළ විද්‍යුත් ක්‍රියාකාරි කෘත්‍රිම අත් සදහා සුදුසුකම්ලාභීන් තෝරාගැනීමේ පරීක්ෂණය 2022 මාර්තු 09 වන බදාදා දින ද රණවිරු සේවා අධිකාරියේ දී පැවැත්වීමට නියමිතය.