බදුල්ල රණවිරුවන් සඳහා සංගීතමය මනෝ උපදේශන වැඩසටහනක්

බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු ප්‍රජාවගේ මානසික සුවය වර්ධනය කිරීම සදහා සංගීතමය මනෝ උපදේශන වැඩසටහනක් පසුගිය දා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෘත්තීය පුහුණු නිලධාරී , බාහිර කථිකාචාර්ය අකිල බණ්ඩාර මහතා හා බණ්ඩාරවෙල සොරගුණේ මහා විද්‍යාලයේ සංගීතාචාර්‍ය විශාරද ශස්ත්‍රපති ඉසුරු බංඩාර මහතා විසින් ලබාදෙන ලදී.
මේ වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ ඌව පලාත්භාර නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන අබේවර්ධන මහතා, බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී දර්ශන ජයසිංහ මහතා මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී දේශානි අලහකෝන් මෙනවිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු ප්‍රජාව සහභාගී විය.