"ජයපූර් පුට්ස්" කෘතීම අත් පා නිර්මාණය කිරීමේ ක්ෂේත්‍ර වැඩපොලේ ඉන්දියානු නියෝජිතයන් ඇගයීම ආරක්ෂක ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන්

රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙනුවෙන් ඉන්දියානූ රජයේ අනුග්‍රාහකත්වයෙන් දින තිස් හතක් (37) පුරාවට රාගම රණවිරු සෙවණේ දී ක්‍රියාත්මක කරනු ලැබූ කෘතීම අත් පා නිෂ්පාදනය කිරීමේ ක්ෂේත්‍ර වැඩපොලේ සමාප්තිය සනිටුහන් කිරීම සහ ජායීපූරිහි භගවන් මහාවීර් සහායත සමිතියට (ජයපූර් පූට්ස්) අයත් ඉන්දීය නියෝජිතයින් හත් දෙනකුගේ (7) සේවය අගය කරමින් විශේෂ තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද දින රාගම රණවිරු සෙවණේ දී පැවැත්වී ය.
ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් ජායීපූරිහි භගවන් මහාවීර් සහායත සමිතිය විසින් ආරක්ෂක අමාත්‍යංශයට අයත් රණවිරු සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ රණවිරු සුබසාධන ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින්, ඉන්දීය නියෝජිතයන්ගේ සේවය ඇගයීම් කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ශ්‍රී ලංකාවේ රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් උදෙසා රාගම රණවිරු සෙවණේදී ක්‍රියාත්මක වන කෘත්‍රීම අත් සහ පාද සැකසීමේ කේෂත්‍ර වැඩපළ වෙතින් කෘතිම අත් පා 450කට ආසන්න ප්‍රමානයක් පසුගිය දින 37 ක කාලය තුළ නිපදවා ඇත. මෙමගින් රණවිරු ප්‍රජාව මෙන්ම විශේෂ අවශ්‍යතාවයක් ඇති සිවිල් සමාජයේ ජන කොටස් හටද නොමිලේ අත් පා නිෂ්පාදනය කර දීම එක්දින සේවයක් මගින් සිදු කරන ලදී.
මෙම වැඩ සටහනේ විශේෂ ආරාධිතයකු වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද සහභාගි විය.
රණව්රු සේවා අධිකාරියේ උප සභාපතිනිය, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් විකාශ් සූඩ්, ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළු රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා සහභාගි වන ලදී.