රණවිරු සේවා අධිකාරිය පැරා මේස පන්දු ජයග්‍රහණයකට සැරසෙයි

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන මේස පන්දු ක්‍රීඩක ඩී.ටී.ටි අබේසිංහ රණවිරුවා හට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පැරා මේස පන්දු තරගාවලිය සඳහා අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබාදීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින රණවිරු සේවා අධිකාරියේ දී පැවැත්වීය.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පැරා (para) මේස පන්දු තරගාවලිය සඳහා රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් A6/8 කාණ්ඩයෙන් තරග වැදීමට අපේක්ෂිත රණක්ෂිතයට පත් ඩී.ටී.ටි අබේසිංහ රණවිරුවාගේ කුසලතා වර්ධනය කර ගනිමින් මනා මානසික ශක්තියකින් යුතුව තරඟ වැදීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අනුග්‍රහකත්වය මත රණක්ෂිතයට පත් රණවිරු ප්‍රජාවගේ ක්‍රීඩා කෞෂල්‍යයන් අභිප්‍රේරණය කිරීමේ අරමුණින් යුතුව මෙවැනි සුබසාධන ව්‍යාපෘතීන් සිදුකරනු ලබයි. රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) සහ ක්‍රීඩා සංචිත භාර නිලධාරී, මේජර් හිනිදුමගේ චන්දන මෙම අවස්ථාව සඳහා සහභාගී විය.