බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු පවුල් සඳහා ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක්...
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා හා ව්‍යාපාරික රණවිරු පවුල් 40 ක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ව්‍යවසාය සංවර්ධන පුහුණු වැඩමුලුවක් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සදහා අවශ්‍ය සම්පත් දායකත්වය ඌව පලාත් සභාවෙන් ලබාදෙන ලදී.
රණවිරු සේවා අධිකාරියේ ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන අබේවර්ධන,බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී දර්ශන ජයසිංහ මහත්වරුන්ගේ සංවිධානත්වයෙන් පැවති මෙම ව්‍යවසාය සංවර්ධන වැඩසටහන සඳහා රණවිරු සංසද සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ ළඟම ඥාතීන් සහභාගී විය.