මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරු දරුවන් හට රැකියා වෙළෙඳ පොළක්...
මාතලේ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත රණවිරු දුදරුවන් සම්බන්ද කර ගනිමින්, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද
රැකියා ගත කිරීමේ වැඩසටහනක් මාතලේ දිසාපතිතුමිය වන තේජානි තිලකරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් හා රණවිරු දරුවන් 32 කුගේ සහභාගිත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පසුගිය දා පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතා සහ මාතලේ දිස්ත්‍රික් නිලධාරීනී තනූජා දර්ශනී මහත්මියගේ සෘජු මැදිහත්වීම මත මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් Zoom තාක්ෂණය මගින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන තුළින් රැකියා ලබා දීමට අපේක්ෂිත විවිධ ආයතන සම්බන්ධ කර ගන්නා ලදී.
මෙම වැඩසටහන සදහා කාගිල්ස් සමාගම,නෙල්නා සමාගම,ඩයනා බිස්කට් හා චොක්ලට් සමාගම,සොෆ්ට් ලොජික් සමාගම(ODEL හා සුපිරි වෙළදසැල්),යුනියන් ඇශුවරන්ස් සමාගම,සර්ටිස් ලංකා පුද්ගලික සමාගම සහ ආසිරි රෝහල් සමුහය යන ආයතන සම්බන්ද කර ගන්නා ලදී.