පදියතලාව රණවිරු පවුලක දරුවන් හට ගුණ ජය සතුට පදනමෙන් අධ්‍යාපනික අත්වැලක්

අම්පාර දිස්ත්‍රික්කයෙහි පදියතලාව රණවිරු සංසදයෙහි සාමාජික වෙනත් හේතූන් මත මියගිය ආර්.එම්.සී.පුෂ්පකුමාර රණවිරුවන්ගේ දියණියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සදහා ගුණ ජය සතුට පදනම මගින් රුපියල් තිස්දහසක ශිෂ්‍යත්වයක් පසුගිය දා ආර්.එම්.හේමමාලි චන්ද්‍රිකා, රණව්රු බිරිඳ වෙත ලබා දෙන ලදී.
රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පලාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ සහ දිස්ත්‍රික් නිලධාරිනියගේ සම්බන්ධීකරණයෙන් අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ නිලධාරීගේ මැදිහත්වීමෙන් මෙම රණවිරු පවුල වෙත මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරන ලදී.