දික්වැල්ල රණව්රු සංසද සාමාජිකයන් ලේ දන් දීමේ කඳවුරක් සංවිධානය කරයි

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ‍රණවිරු සංසදයේ ලේකම් මුදිතා මධුශානි මහත්මිය විසින් රට දැය වෙනුවෙන් දිවිපිදූ තම ස්වාමිපුරුෂයා ඇතුළු සියලුම දිවිපිදූ රණවිරුවන්ට පිං පතා ලේ දන්දීමේ වැඩසටහනක් දික්වැල්ල දීගවාලුකාරම විහාරස්ථානයේදී පසු ගියදා සංවිධානය කරනු ලැබීය.
මේ සදහා රණවිරු සේවා අධිකාරියේ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ,දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරි දික්වැල්ල ‍රණවිරු සංසදයේ මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ විය.