තිස්සමහාරාම රණවිරු සංසදයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිස්සමහාරාමය රණවිරු සංසදය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩ සටහනක් පසුගිය දා ඵෙතිහාසික යටාලතිස්ස රජමහා විහරස්ථානයේදී පැවැත්වීය.
ප්‍රදේශ⁣යේ රාජ්‍ය හා පුද්ගලික ආයතනයන්හි මහත්ම මහත්මාදින්ගේ රුධිර පරිත්‍යාගයෙන් හා ප්‍රදේශයේ දහම් පාසල් ගුරුභවතුන්ගේ හා ප්‍රදේශයේ සියලු දෙනාගේ රුධිර පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදී.
රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් දකුණ පලාත් නියොජ්‍ය අධ්‍යක්ෂක ආර්. කේ.ශාන්තසිරි, හම්බන්තොට වැඩසටහන් නිලධාරී, ජේ.ජී.සී.නුවන් තිස්සමහාරාමය රණවිරු සංසද සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.