මාතර රණවිරු සංසදයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
මාතර දිස්ත්‍රික්කයේ මාතර රණවිරු සංසදය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දා මාතර ඓතිහාසික බෝධිය අසල දී පැවැත්වීය.
රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ආර්.කේ ශාන්තසිරි, මාතර දිස්ත්‍රික් නිළධාරි එච්.එල්.සී ශිරාන්,මාතර යුධ හමුදා කදවුරේ නිළධාරින්, රණවිරු සංසද නිළධාරි මණ්ඩලය ඇතුළු සාමාජික මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාව සදහා සම්බන්ධ විය.