මලළ ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් ඕස්ට්‍රේලියානු ජාතික මළල ක්‍රීඩා තරගාවලිය සඳහා T 63 සහ F 42 කාණ්ඩයෙන් සුදුසුකම් ලබයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මළල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති රණව්රු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන විශ්‍රාමික සැරයන් මේජර් අනිල් ප්‍රසන්න ජයලත් හට අවශ්‍ය මූලික පහසුකම් සොයා බැලීමේ සාකච්ඡාවක් අද දින රණව්රු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
අනාගත පැරා ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගැනීමට හැකියාවක් ඇති ක්‍රීඩකයෙකු ලෙස හදුනාගෙන ඇති රණව්රු අනිල් ප්‍රසන්න සදහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම ලබා දීම සඳහා සභාපතිතුමන් විසින් කටයුතු සිදුකරන ලදී. මෙම අවස්ථාවේදී රණක්ෂිතයට පත් ක්‍රීඩකයා හට පුහුණු වීම් සඳහා අවශ්‍ය ශක්තිය වඩවන පානයන් රණව්රු සේවා අධිකාරියේ අනුග්‍රහයෙන් ලබා දීමට ද කටයුතු කරන ලදී.
දැනට ශ්‍රී ලංකාවේ පැරා උසස් දක්ෂතා මළල ක්‍රීඩා ජාතික සංචිතයට අනුයුක්තව පුහුණු වීම් සිදු කරනු ලබන සැරයන් මේජර් අනිල් ප්‍රසන්න ජයලත් 2022 ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ඇති ක්‍රීඩකයෙකි.
යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් තුවාල ලැබූ පැරා මලළ ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් නුදුරේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු ජාතික මලළ ක්‍රීඩා තරගාවලිය සඳහා T 63 කාණ්ඩයෙන් මීටර් 100 දිවීම සහ F 42 කාණ්ඩයෙන් දුර පැනීම ඉසව් සදහා සුදුසුකම් ලබා තිබේ.
රණව්රු සේවා අධිකාරියේ අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක සහ රණව්රු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන ද මෙම අවස්ථාවට සහභාගි විය.