උහන රණව්රු සංසද සාමාජිකයන් 45 දෙනෙකු සදහා කාබනික වී ගොවිතැන පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
රණවිරු සේවා අධිකාරියේ විශ්‍රාමික රණවිරු ව්‍යවසාය සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් ක්‍රියාන්විත රාජකාරියේ දී රණක්ෂිතයට පත් රණවිරුවන් හා ඹවුන් ගේ පවුල්වල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට සමගාමීව කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව සහ වී ගොවිතැන නගා සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ තුන්වන වැඩසටහන අම්පාර දිස්ත්‍රික් නිලධාරිනී, තරණි නිවර්තිකාගේ සංවිධානයෙන් උහන සංසද සාමාජික රණව්රු එල්.සමන් කුමාර මහතාගේ නිවසේ දී 2022 මාර්තු මස 24 වන දින පැවැත්විණි.
රණවිරු සේවා අධිකාරියේ කොප්රල් සුමිත් කුමාර සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ
උහන රණව්රු සංසද සාමාජිකයන් 45 දෙනෙකු සහභාගී විය.
රණව්රු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ සංකල්පයක් මත සිදු කරනු ලබන මෙම වැඩසටහන තුළින් විශ්‍රාමික රණක්ෂිතයට පත් රණව්රු ප්‍රජාව දැයේ සංවර්ධනයට දායක කරගනිමින් සමාජයට පූර්වාදර්ශයක් ලබාදීම අපේක්ෂා කෙරේ.