සායනික මෙට්ටයක් සදහා පුද්ගලික අනුග්‍රහයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය රණවිරු සංසදය නියෝජනය කරන පුර්ණ ආබාධිත රණවිරු වර්ණ සැරයන් ඒ.කේ. උපුල් රණවිරුවා වෙනුවෙන් අවශ්‍යව තිබූ සායනික මෙට්ටයක් පරිත්‍යාග කිරීම මාපිය කැපකරු අංශ ප්‍රධානි තුලානි දේවමිත්ත මහත්මියගේ මැදිහත් වීම මත පරිත්‍යාගශීලියකුගේ අනුග්‍රහයෙන් පසුගිය දා සිදු කරන ලදී.
පරිත්‍යාගශීලියා විසින් මෙම සායනික මෙට්ටය එම රණවිරුවාගේ නිවසටම ගෙනැවිත් දීමට ද කටයුතු කරන ලදී.