රණව්රු දරුවන් දෙදෙනෙකු හට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ලැප්ටොප් යන්ත්‍ර දෙකක් සභාපතිතුමාගේ පුද්ගලික අනුග්‍රහයෙන්

ක්‍රියාන්විතයේ දී මියගිය හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ උසස් අධ්‍යාපනය ලබන දරුවන් විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඹවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ පුද්ගලික අනූග්‍රාහකත්වයෙන් යුතුව එම රණව්රු දුවා දරුවන් සඳහා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අද දින රණව්රු සේවා අධිකාරියේ දී පැවැත්වීය.
ගම්පහ ප්‍රාදේශයේ පදිංචි 3 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව චාවකච්චේරි ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ඒ.එච්. සුසන්ත රණවිරුවාගේ දියණිය වෙත මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍රය පරිත්‍යාග කරන ලදී. 2020 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් සමත් ව රුහුණු විශ්ව විද්‍යාලයේ මූල්‍ය ගණිතය හා කාර්මාන්ත සංඛ්‍යානය විෂය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින දියණියකි.
මෙහිදී, 2020 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් තොරතුරු තාක්ෂණ අංශයෙන් විශිෂ්ට ලෙස සමත් ව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින පුතණුවෙකි. වර්ෂ 2007 වසරේ දී මඩකලපුව ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව රණක්ෂිතයට පත් ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන ලද උප පොලිස් පරීක්ෂක කේ.එම්. ගුණරත්න රණවිරුවාගේ වැඩිමහල් පුතණුවන්ය.
රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී, සුරේඛා ප්‍රනාන්දු මහත්මිය, කළමණාකරණ සහකාර, මදුශා චතුරංගි සහ රණව්රු පවුල් වල සාමාජිකයන් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.