පැරා මලළ ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් හට ක්‍රීඩා අනුග්‍රාහකත්වයක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මළල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති රණව්රු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන විශ්‍රාමික සැරයන් මේජර් අනිල් ප්‍රසන්න ජයලත් හට අවශ්‍යව පැවති ක්‍රීඩා පාවහන් යුගලයක් පරිත්‍යාග කිරීම පසු ගියදා රණව්රු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
රණව්රු සේවා අධිකාරියේ මාපිය කැපකරු අංශ ප්‍රධානී තුලානි දේවමිත්ත මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් මෙම පාවහන් යුගලය සදහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.
රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) සහ රණව්රු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය භාර නිලධාරී මේජර් හිනිදුමගේ චන්දන ද මෙම අවස්ථාවට සහභාගි විය.