මහඔය රණවිරු පවුල් 25 කට කිරි ගව පාලනය පිළිබඳ දැනුම ලබාදෙයි.
අම්පාර දිස්ත්‍රික්කයෙහි මහඔය රණවිරු සංසදයෙහි සාමාජිකයන්ගේ ඉල්ලීමක් අනුව දැනට කිරිගව පාලනයෙහි නිරත වන රණව්රු සාමාජිකයන් 25 කු සදහා කිරි ගව පාලනය හා ඒ ආශ්‍රිත තාක්ෂණික දැනුම ලබා දීම පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022 මාර්තු මස 25 වන දින ඒ.එම්.සුමිතිපාල මහතාගේ නිවසේදී පැවැත්වීය.
රණවිරු සේවා අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී තරණි නිවර්තිකාගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය උපදේශාත්මක සහාය මහඔය පශු නිලධාරීතුමිය විසින් ලබා දෙන ලදී.