ලක්ෂ 58 ක් වටිනා ශ්‍රවණාධාර කට්ටල 86 ක් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන්

රණක්ෂිතයට පත්ව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් 52 දෙනෙකු සඳහා රු 5,867,500/= වටිනාකමකින් යුත් ශ්‍රවණාධාර 86 ක් බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් පරිදි පසුගිය දා පැවැත්වීය.
2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම ශ්‍රවණාධාර කට්ටල අසූ හයෙහි (86) ගුණාත්මක භාවය විමසීමේ සහ බෙදාහැරීමේ සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීය.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත්, පසු උවටැන සහ විශේෂ ව්‍යාපෘති අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිළධාරිනී නෙත්මි ගයත් ශ්‍රී ඇතුළු කාර්ය මණ්ඩලය මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය. මෙම ශ්‍රවණාධාර කට්ටල දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් වෙත මෙම සතිය තුළදී බෙදා දීමට නියමිතයි.