2022 වසර පළමු කාර්තුවේ රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.
2022 වසරේ පළමු මාස තුනෙහි රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2022 අප්‍රේල් මස 1 වැනිදා රණවිරු සේවා අධිකාරියේ සාකච්ඡා ශාලාවේ දී පවත්වන ලදී.
රණව්රු සේවා අධිකාරිය විසින් රණවිරු සුබසාධනය සඳහා සිදුකරන ලද ක්‍රියාකාරකම් වල ප්‍රගතිය සහ දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමෙන් රණවිරු ගැටලු අධ්‍යයනය කිරීම සහ කාර්ය මණ්ඩලයේ පරිපාලන ගැටලු අධ්‍යයනය කිරීම ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
එමෙන්ම, දහතුන් (13) වන ජාතික රණවිරු සැමරුමට අදාළව සිදුකළ යුතු ක්‍රියාකාරකම් මෙන්ම රණවිරු සේවා අධිකාරියේ ඉදිරි සැලසුම් සාකච්ඡාවට භාජනය කිරීමද මෙහිදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කිත්සිරි ඒකනායක, සභාපති ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, ලුතිතන් කර්නල් නෙවිල් පෙරේරා සහ පළාත් භාර නියෝජ්‍ය අධ්යක්ෂ මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් නිළධාරීන් හා මූල්‍ය සහ විගණන අංශ ප්‍රධානීන් නිත්‍ය කාර්ය මණ්ඩලයේ අංශ භාර නිළධාරීන් ද සහභාගී විය.