කෘත්‍රිම පාද 17ක් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් නිවෙස් වෙතම බෙදා හැරේ...
රණක්ෂිතයට පත්ව දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් 17දෙනෙකු සඳහා සකසන ලද කෘත්‍රිම පාද 17ක් ඔවුන්ගේ නිවෙස් වෙත බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් පරිදි පසුගිය දා පැවැත්වීය.
2021 වසර සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් රණවිරු සුබසාධනය සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කරමින් මිලදී ගෙන ඇති මෙම කෘත්‍රිම පාද සිංහල අලුත් අවුරුද්ද සමයේ ඔවුන්ගේ නිවෙස් වෙත ම ලබා දීම සභාපතිතුමන්ගේ අරමුණයි. මෙම කෘත්‍රිම පාද සමග රු.1500ක් වටිනා පාවහන් මිල දී ගැනීමේ වවුචර් පතක් ද අදාළ ආයතනය විසින් රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සභාපති ලේකම් බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, පළාත් ,පසු උවටැන සහ විශේෂ ව්‍යාපෘති අංශ ප්‍රධානී නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ සහ වැඩසටහන් නිළධාරිනී නෙත්මි ගයත් ශ්‍රී ඇතුළු කාර්ය මණ්ඩලය මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.
මෙම කෘත්‍රිම පාද දිවයින පුරා විසිරී සිටින රණවිරුවන්ගේ නිවෙස් වෙතම මෙම අලුත් අවුරුදු සමය තුළදී බෙදා දීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කරන ලදී.