ගෙවතු වගාව හා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳ කෑගල්ල සංසද රණවිරුවන් දැනුවත් කෙරේ
රණවිරු සේවා අධිකාරියේ විශාමික රණවිරු හා විශේෂ ව්‍යාපෘති අංශයේ දායකත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් හා ජාතික යෞවූන් සේනාංකය කෑගල්ල, සමග සම්බන්ධව ගෙවතු වගාව හා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන පිළිබද එක්දින වැඩමුළුවක් කෑගල්ල යෞවූන් සේනාංක ශාලාවේදී පවත්වන ලදී.
ඒ සදහා කෑගල්ල දිස්ත්‍රික් රණවිරු සංසද නියෝජනය කරමින් සාමාජිකයන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී විය.
මෙම වැඩසටහන සඳහා විශේෂ සම්පත් දායකයෙකු ලෙස රණවිරු සේවා අධිකාරියේ කෝප්රල් සුමිත් කුමාර සහභාගි විය.