මැවනැල්ල රණවිරු සංසදයෙන් විශේෂ දානමය පින්කමක්...

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල රණවිරු සංසදය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ දානමය පිංකමක් අශෝකපුර විශේෂ අවශ්‍යතා ඇති ළමා නිවාසයේ දරුවන් 112 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලදී.
මාවනැල්ල අශෝකපුර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින ළමා නිවාසයක් වන අශෝකපුර ළමා නිවාසයට දහවල් අහාර වෙලා මිය ගිය රණවිරුවන් සිහිකර පින් අනුමෝදන් කර ලබා දීම මෙහිදී සිදු කරන ලදී.
මාවනැල්ල රණවිරු සංසදය මගින් 8වෙනි වතාවට මෙම දානමය පින්කම රණවිරු දිනයට සමගාමිව වසරක් පාසා සිදුකරනු ලබයි.